එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.
“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපක් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය. ඒ අනුව දැනට පාර්ශ්වකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියත් එන්න නියමිතව තිබෙනවා.
ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පළල් බලවේගයක් හදනවා. ඒකේ අපිත් ඉන්නවා. අපි සහ ඒ සියලු දෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙළකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා.
ආණ්ඩුව පරාජය කරන සටනේ දී සමගි ජන බලවේගය එක්ක නිදහස ජනතා සභාව සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථකයි. රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කරනවා.”
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව පැවසීය.