ඩලස්ට දෙනව කී අයවත් දීල නෑ..! අපි රැවටීමකට ලක් වුණා…! – වාසු…

July 21, 2022 at 6:55 am | by emanisa.lk

ඩලස් අලහප්පෙරුම වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා ඡන්දය නොදුන් බවක් පෙනෙන්නට ඇති අතර තමන් රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ඒ, ඊයේ (20) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් ඉදිරියේදී ප්‍රතිපත්ති මූලික කරගත් දේශපාලනයක් සිදුකරන බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක ධූරය ගැන ද ප්‍රශ්නයක් මතුවිය හැකි බව ද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *