ඩලස්ගේ තුනක් අපි ළඟට ආවා..! ඉතිරි අයත් ළඟදි ම එනවා..! – පොහොට්ටු ලේකම්…

September 16, 2022 at 9:48 am | by emanisa.lk

ඩලස් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් තිදෙනකු නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ පාර්ශ්වයේ තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පොදුජන පෙරමුණ හා එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ද සාගර කාරියවසම් කීය.

නැවත ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් සංවිධාන කටයුතු අරඹා ඇතැයිද ඊට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු නායකයන් විශාල කැපවීමකින් කටයුතු කරන බවද සාගර කාරියවසම් සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන ආකාරය සියලු දෙනාටම ඉදිරියේදී දැකගත හැකි යැයිද ඔහු වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *