ටෙලිකොම් ලාභ ඉහළ යයි….! පසුගිය වසරට සාපේක්ෂව 14.3%ක වර්ධනයක්….!

May 17, 2021 at 7:44 am | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු පවසයි.

ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂ ව සියයට 14.3ක වර්ධනයක් යැයි ද සභාපතිවරයා පවසයි.

එසේ ම ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *