ටයිටන් සබ්මැරීනය මුහුදු පත්ලේ පුපුරයි…!

June 23, 2023 at 5:14 am | by emanisa.lk

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.

කැනේඩියානු  නෞකාවක මෙහෙයුම් කටයුතු අතරතුරදී ටයිටැනික් නෞකාව මුහුදුබත් ඇති ස්ථානය ආසන්නයේ ටයිටන් කුඩා සබ්මැරීනයේ පසුපස කොටසක් සොයාගැනීමත් සමග මෙම මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *