ජොනීගේ අරක්කු ප්‍රමිතියෙන් තොරයි…! මත්පැන්වල විෂබීජ නාශකත් තිබිලා…! නිෂ්පාදනාගාර දෙකක් සීල් තබයි..!

June 2, 2022 at 11:14 am | by emanisa.lk

ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මත්පැන් සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමෙන් පසු වෙළෙඳපොළෙන් එකතු කළ මත්පැන් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලැබුණු වාර්තාවට අනුව මෙම නිෂ්පාදනාගාර දෙකෙන් නිකුත් කළ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ඇත.

කළුතර හා කුරුණෑගල පිහිටි මෙම නිෂ්පාදනාගාර දෙක මැයි මස නව වැනි දින ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවල දී ගිනි තබා විනාශ කර තිබේ. එම නිසා මත්පැන් නිෂ්පාදනාගාර දෙක මුද්‍රා තබා ඇති අතර වෙළෙඳපොළට නිකුත් කළ මත්පැන් එකතු කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම මත්පැන්වල විෂ බීජ නාශක සඳහා යොදා ගන්නා හානිකර රසායන ද්‍රව්‍ය පවා අඩංගු වී තිබූ බව රස පරීක්ෂක පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. මෙම වරද නිවැරදි කිරීමෙන් පසු යළි මත්පැන් නිෂ්පාදනයට අවසර ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

එහෙත් මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කළ යුතු බවයි. සුරාබදු ආඥාපනතට අනුව නිෂ්පාදනාගාරයක සුරා බදු ඒකකයක් ස්ථාපිත කර ඇති බැවින් ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට නිකුත් කරන තුරු එම නිලධාරීන් ගත් පියවර කුමක්දැයි සංගමයේ සභාපති අජිත් උඩුගම ප්‍රශ්න කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *