ජීවිතේට රස්සාවක් නොකළ රෝහිත හොටල් හැදුවේ කාගේ සල්ලිවලින් ද…? – CIDයට පැමිණිල්ලක්….

August 29, 2022 at 7:02 pm | by emanisa.lk

සිංහරාජ එකෝ ලොජ් නම් හෝටලය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව සර්වපාක්ෂික අරගලකරුවෝ පවසති.

එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බව මාධ්‍ය වාර්තා කර ඇති බව පෙන්වා දුන් ඔවුන් සඳහන් කළේ එහි අයිතිය කාට දැයි වහා ම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි.

එය කිසිදා රැකියාවක් නොකළ රෝහිත රාජපක්ෂගේ නම් ඔහු එය ගොඩනැඟුවේ කාගේ මුදලින් දැයි සොයා බැලිය යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

රාජපක්ෂ පවුලට ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය නිර්දෝෂීභාවය තහවුරු කළ හැකි බවත් මේ රටේ ජනතා මුදල් කොල්ලකෑ කිසිවෙකුට නිදහසේ සිටින්නට අරගලකරුවන් ඉඩ නොතබන බවත් අරගලකරුවෝ එහි දී අවධාරණය කළහ.

රෝහිත රාජපක්ෂගේ බව කියන අදාළ හෝටලය පසුගියදා අරගලකරුවන් ගිනිතබා විනාශ කළ අතර ඊට සැකපිට පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *