ජාතික රූපවාහිනි රේටිං බහී! පඩි ගෙවාගන්න බැරිව හිඟමනට වැටෙයි! මාසිකව ආණ්ඩුවෙන් ලක්ෂ 400ක්!

September 11, 2019 at 10:46 am | by emanisa.lk

ජාතික රූපවාහිනිය මේ වන විට දැඩි ලෙස පාඩු ලබන බවත් එය පවත්වා ගෙන යාමට ආණ්ඩුව මාසිකව රුපියල් ලක්ෂ 400 බැගින් යොදවන බවත් ඇමති රුවන් විජේවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එසේම මේ වන විට ජාතික රූපවාහිනිය පේක්ෂකයන්ගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එය මෙරට නාළිකා අතර ජනප්‍රියතාවයෙන් 6 වෙනි තැනට වැටී ඇති බව ද පෙන්වා දෙයි.

මෙම තත්ත්වය වෙනස් කිරීමට තමා උත්සාහ කළ ද ජනාධිපතිවරයා දිගින් දිගටම ඊට බාධා කළ බවත් ඇමතිවරයා චෝදනා කරයි.

එහි සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී වෙනුවට නව සභාපතිවරයකු පත් කිරීමට ඇමතිවරයා අවස්ථා දෙකක දී උත්සාහ කළ ද අය අසාර්ථක වූ අතර මේ වන විට රූපවාහිනිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පාලනය වෙයි.

මේ අතර එහි සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන සරත් කෝන්ගහගේ පත් කිරීමේ සැලසුමක් ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස