ජාතික තවුහිද් ජමාත් ලංකාවේ තහනම් සංවිධානයක්! ඒ නිසා වව්නියාවේ තවුහිද් පල්ලිය ඉවත් කරන්න! – දෙමළ සංවිධාන ඉල්ලයි…

May 31, 2019 at 8:41 am | by admin

වවුනියාවේ පිහිටි තව්හිද් මුස්ලිම් පල්ලියක් වහාම ඉවත් කරන ලෙස දෙමළ සංවිධාන කීපයක් 30 දා මුස්ලිම් ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව රජය විසින් තව්හිද් සංවිධානය තහනම් කරනු ලැබූ නිසා වවුනියාවේ පට්ටානීචූර් පළාතේ එම සංගමයට අයත් පල්ලියක් ක්‍රියාත්මක වීම විශාල අර්බුදයකට හේතුවිය හැකි නිසා එය වහාම ඉවත් කරන ලෙස වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක් වවුනියාව නගරයේ පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලියේ පාලක සභාවෙන් ඉල්ලීමක් කොට තිබේ.

කැකිරාවේදී ඉවත් කරනු ලැබුවේද මේ තව්හිද් සංවිධානයට අයත් මුස්ලිම් පල්ලියක් නිසා වවුනියාවේ පිහිටි එම පල්ලිය පිළිබඳවද යම් තීරණයක් ගන්නා ලෙස ජුම්මා මුස්ලිම් පල්ලියේ පාලක සභාවෙන් ඉල්ලීමක් කළ පිරිස වවුනියාවේ සංස්කෘතික නිලධාරිවරයාටද ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස