ජාතික ආර්ථික හීනේ ඉන්න අයට පෝර්ට්සිටියට එකඟ වෙන්න බෑ…! ආර්ථිකේ බංකොලොත් ලංකාවේ පෝර්ට් සිටියට එන්න ආයෝජකයින්ට පිස්සු නෑ….! – පාඨලී….

May 23, 2021 at 4:16 pm | by emanisa.lk

දේශීය ආර්ථිකයක් ගොඩනැඟිය යුතුය යන ප්‍රතිපත්තියේ සිටින කිසිවෙකුට වරාය නගරය සඳහා එකඟ විය නොහැකි බව හිටපු අමාත්‍ය පාඨලීි චම්පික රණවක පවසයි.

වරාය නගරය යනු කර්මාන්ත ආයෝජන කරන ස්ථානයක් නොව විදේශිකයන් සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක් බව ද පාඨලී චම්පික පෙන්වා දෙයි.

කෙසේ වුව ද ධනපතියන් මුදල් ආයෝජනය කරන මෙවැනි සේවා ස්ථාන ආසියාවේ 50ක් පමණ ඇති බවත් අපෙ වරාය නගරය සාර්ථක වීමට නම් විදෙස් දේශපාලන බලපෑම් කළමනාකරණය ඉතා වැදගත් බවත් ඔහුගේ අදහසයි.

ඉන්දියාව, ඇමරිකාව සහ යුරෝපය මිතුරු කරගත යුතු බවත් වරාය නගරය වෙත ආයෝජන ගෙන ආ යුත්තේ යුරෝපයෙන් බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද ලෝකයට ම ණය හෙට අනිත්දා ආර්ථිකය කඩා වැටෙන ලංකාවට වැනි රටකට කිසිදු ආයෝජකයකු නොඑන බවත් ඔවුන්ට ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ස්ථාවර ආර්ථිකයන් ඇති රටවල් ඕනෑ තරම් ඇති බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස