ජාතික ආණ්ඩුවට සහාය පතා එජාපය ජනපති පාමුලට

February 5, 2019 at 4:39 am | by admin

යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ ඉදිරියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“අගමැතිතුමා තීරණයක් අරන් තියෙනවා ජාතික ආණ්ඩුවක් බිහි කරන්න.. ඒ අනුව අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම තමයි මගේ වගකීම. මේක ජනාධිපතිතුමා සමග කතා කරලා බේරුමක් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ.. එජාපයේ පසුපෙළත් දැඩි විරෝධතාවයක් නෑ..ඡන්දය දෙන දවසට බලා ගන්න පුළුවන්නේ. නීතියේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා.” යැයි හෙතෙම පවසයි.

තමන් ජාතික ආණ්ඩු යෝජනාවට තරයේ විරුද්ධ බව ජනාධිපතිවරයා ඊයේ (04) පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක ඊයේ (04) කියා සිටියේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ව්‍යවස්ථාව අනුව බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *