ජනාධිපති අරමුදලටත් විදලා….! කෝටි 24කට වෙච්චි දෙයක් නෑ….!

January 25, 2021 at 12:38 pm | by emanisa.lk

2018 වසරේ දී ජනාධිපති අරමුදලේ රුපියල් කෝටි 24ක ගනුදෙනු ගිණුම්ගත වී නැති බව එම වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍ය ප්‍රකාශනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව ඉදිරිපත් කරමින් අනාවරණය කර ඇත.

මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට නියමිතය.
එම විගණන වාර්තාවට අනුව 2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල පොලී ආදායම හා ලැබිය යුතු පොලී ආදායම රුපියල් මිලියන 6.1ක් අඩුවෙන් දක්වා ඇත.

2015 සිට 2018 දක්වා වූ වර්ෂ හතරක කාල සීමාවේ රාජ සන්තක වූ මෝටර් රථ හා වෙනත් භාණ්ඩවල වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් නව ලක්ෂයකි. රාජ සන්තක වූ මුදල් ත්‍යාග එකතුව රුපියල් හාර කෝටි පනස් තුන් ලක්ෂයකි. එම මුදල් ද ගිණුම් ගත කර නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

අරමුදල සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු රුපියල් දහසය කෝටි දස ලක්ෂයක ණය ශේෂය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නැති බව ද විගණකාධිපතිවරයා දැනුම් දී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *