ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න සූදානම්..! – පාඨලී…

February 20, 2024 at 2:44 pm | by emanisa.lk

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණහොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීම අපේක්ෂාව බවත් පොදු එකඟතා හරහා දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බවත් ඒ මහතා කීය.

එහිදී ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාළ නොවන බව පැවසු රණවක මහතා, මෙවර ද පොදු අරමුණක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බව ද කීය.

සුදුසු ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත් සාමුහිකය සිතන්නේ තමන් එයට සුදුසු ලෙසට නම් තමන් එම අභියෝගය භාර ගැනීමටද සුදානම් බව පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *