ජනාධිපතිවරණයේ දී එජාපයට හොම්බෙන් යන්නයි වෙන්නේ! – සරත් ෆොන්සේකා

July 9, 2019 at 3:04 pm | by emanisa.lk

අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම සහ රටේ ජනාධිපති ධූරය සඳහා පත් කිරීම රටේ ජනතාව විසින් සිදුකරන වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

අද(09) ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තුව තුළ 70-80ක් පමණ සිටින බවත් ඉදිරි ජනාධිපතිවණයට ඉදිරිපත් කළ යුත්තේ ජයග්‍රහණය කළ හැකි පුද්ගලයෙකු නොව රට ගොඩනැගීමට හැකි පුද්ගලයෙතු බවත් මන්ත්‍රීවරයා පවසයි.

රට ගොඩ නැගීමට හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය ලබා දෙන බවත් එවැනි නායකයෙකු ඉදිරිපත් නොකළහොත් එජායට හොම්බෙන් යාමට සිදුවනු ඇති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස