ජනපති සාකච්ඡාවට සූදානම් නෑ..! අපි ජනතාව ඉදිරියට යනවා…! බලය මත සියල්ල පවතින්නේ නෑ…! – වාසු..

October 25, 2021 at 5:28 pm | by emanisa.lk

එල්එන්ජී ගිවිසුම අත්සන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක නායකයන් තීරණය කර ඇත.

එල්එන්ජී ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් එයට අවස්ථාව ලබාදිය නොහැකි යැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති නිසා මෙම කරුණු සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡා කිරීමට තීරණය කළ බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ප‍්‍රකාශ කළේය.

ඇමෙරිකානු සමාගමට එල්එන්ජී බලාගාරය ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුමට තම කණ්ඩායම විරුද්ධ බවත්, දේශපාලන බලය මත සියල්ල රඳා පවතින්නේ නැති බවත් ඇමැති නානායක්කාර වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *