ජනපති, ගෝඨා ඝාතන කුමන්ත්‍රණයේ පොලිස්පති කටහඬ ගැළපෙයි!

March 19, 2019 at 7:33 am | by admin

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට අදාළව දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පනාමල් කුමාර නමැත්තා ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇත.

මෙම කටහඬ සාම්පල් වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉකුත් සතියේ භාරදී තිබේ.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් දෙවැනි දිනටත් පෙරේදා (17 වැනිදා) පැය තුනක් තිස්සේ ප්‍රකාශ ලබා ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *