ජනපති ගෝඨා ක්‍රියාත්මකයි! ජාතික ගීය සිංහලෙන් පමණයි! ජනපති රථපෙළ සීමා කෙරේ! ජනපති රියපෙළට මාර්ග වැසූ යුගයත් අවසන්!

November 20, 2019 at 9:23 am | by emanisa.lk

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ජනාධිපතිවරයා යන මාර්ග වසා දැමීම නතර කිරීමට ද හෙතෙම තීරණය කර තිබේ.

මෙතෙක් ජනපාධිපති ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් සහ වාහන 15-20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇත.

සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ පෙළ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරයායා ගමන් ගන්නා මාර්ගය සාමාන්‍ය ජනතාවට වසා නොතබන නිසා ඒම වාහන හසුරුවා ගැනීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස