ජනපති අගමැති කිව්වොත් ඉල්ලා අස්වෙනවා! – බදියුදීන්

May 22, 2019 at 11:15 am | by admin

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවසන්නේ නම් තමන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයේදි සඳහන් කර තිබේ.

අමාත්‍යවරයාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බදියුදීන් මහතා විශ්වාසභංගයට ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවත් එයට විරෝධය දක්වන බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ පසු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර ප්‍රශ්නයක පැන නැගිම සම්බන්ධයෙන්ද තමන්ට එරෙහිව එජාපයේ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පිළිබඳවද ඔහු සිය බලවත් විරෝධය එල්ල කර තිබේ.

මෙම විශ්වාසභංගයේ අරමුණ සිය දේශපාලන ජීවිතය විනාශ කිරීම බවත් ඇමතරවරයා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් බද්යුදීන් මහතාගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස