ජනතා අරගලය විනාශ කළ අනුරලා ලැජ්ජ නැතිව අරගල නායකයෝ වෙන්න හදනවා…! – අරගලකරුවෝ….

October 4, 2022 at 1:33 pm | by emanisa.lk

ගාලු මුවදොර ජනතාව මුහුණපෑ සමාජ ආර්ථික දේශපාලන ගැටලු නිසා ස්වභාවිකව උපන් බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පවසයි.

එම ප්‍රශ්න විසඳා ගැනීමට පාරට පැමිණි ජනතාවගේ අරමුණ වූයේ ඒ සඳහා විසඳුම් සෙවීම බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

එම අරගලය සමාජගත වන විට ඊට අප්‍රේල් මාසයේ දී පළමු දැවැන්ත ප්‍රහාරය එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ බවට ද ඔවුහු චෝදනා කරති.

අරගල තුළින් නිර්මාණය වෙමින් පැවැති නායකත්වයට ජවිපෙ පහර දුන් අතර අරගල, විප්ලව කළ හැක්කේ තමන්ට පමණක් යැයි එම පක්ෂය සිතා සිටින බව ද අරගලකරුවෝ පෙන්වා දෙති.

ජනතාව අතර උපන් අරගලයට පහර දුන් අනුර කුමාරලා කිසිදු ලැජ්ජාවක් නැතිව දෙවන අරගලය සිය අතට ගැනීමට සූදානම් වන බවයි, ඔවුන් සඳහන් කළේ.

අසාර්ථක දේශපාලන ගමනක නිරත වන ජවිපෙ ජනතා අරගලය පොඩි පට්ටම් කොට විනාශ කොට සුපුරුදු කඩාකප්පල් ක්‍රියාවෙහි නිරත වන බව ද අරගලයේ පුරවැසියෝ අවධාරණය කරති.

අද (04) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *