ජනතාව 2/3 බලයක් දුන්නේ ජනාධිපතිට ලී ක්වාන් යූ වගේ රට හදන්නයි! – නැඟෙනහිර ආණ්ඩුකාර

October 19, 2020 at 11:44 pm | by emanisa.lk

මේ රටේ ජනතාව 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දුන්නේ ලී ක්වාන් යූ මෙන් ජනාධිපතිවරයකු බිහි කරගෙන රට ගොඩනැඟීමට බව නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රියාද් අද්මිරාල් මොහොන් විජේවික්‍රම පවසයි.

සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

“විධායක බලය හැසිරවීමට හැකි 2/3 ක පාර්ලිමේතුවක් ලබා දුන් ජනතාවගේ පැතුම නම්, ලී කුවාන් යූ කෙනෙකු බිහිකර රට ගොඩ නැගීම මිස, 19 හරහා මතු වූ පඹයා ළඟ තබා ගැනීම නොවන බව, අද විවිධ තර්ක ගෙන එමින් රජයේ ඉදිරි ගමනට බාධා කරන සියලු දෙනා තේරුම් ගතයුතුය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස