ජනතාව පිට බදු පැටවීමට සහාය දෙන්න බෑ..! මහින්ද….

October 30, 2022 at 8:57 am | by emanisa.lk

දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීමට කිසිසේත්ම එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පීඩාවට පත්ව සිටින ජනතාව මත කොතරම් නව බදු පැනවුව ද ඒවා අයකර ගැනීම පහසු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, එවැනි යෝජනාවකට දේශපාලන වශයෙන් සහාය දිය නොහැකි යැයි ද අවධාරණය කළේය.

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගන්වමින් ආදායම් උත්පාදනය වර්ධනය නොකර තව තවත් බදු හෝ ගාස්තුවල බර ජනතාව පිට පැටවීම ප්‍රායෝගික නොවන බව ද ඔහු වැඩි දුරටත් කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *