ජනතාව ගැන හිතලා සජිත්ට එකතු වෙනවා…! – ජී.ඇල්.

December 17, 2023 at 10:51 am | by emanisa.lk

අතිශය භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණයේ දී සමගි ජන බලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් පවසයි.

රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් අධික බදු බර නිසා ජනතාවට යැපෙන්න තියා ජිවත් විමත් ගැටලුවක් වි ඇති බව හෙතෙම පැවසීය.

“නැතිබැරි මිනිහගෙන් පුළුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුළුවන් කමක් නැහැ

සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබනවා. ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයකුටවත් මේසා බලයක් තිබුණේ නෑ.”

මන්ත්‍රීවරයා එසේ පැවැසුයේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිකායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිණි අවස්ථාවේදිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *