ජනතාවට රු. 20 000ක දිමනාවක් දියවු…! ජවිපෙන් නොනවතින අරගලයක්…!

September 26, 2023 at 8:51 am | by emanisa.lk

මේ වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ රුපියල් කෝටි 19,000 ක රන් භාණ්ඩ උකස් කර ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි.

ජනතාවට ජීවත්වීමට නොහැකි නිසා නිවෙස්වල තිබූ මාරු කාසි මුදල් කැට ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් බැංකුවලට රැගෙන ගොස් ඇති බවත්, පවුල් ලක්ෂ 11 ක් නිවසේ තිබූ භාණ්ඩ විකුණා ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇති බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ ඊයේ (25) කියා සිටියේය.

මෙරට පෞද්ගලික, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු, විශ්‍රාමික ඇතුළු සියලුම අංශවල ජනතාව ජීවත් වීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින අතර එයට යම් සහනයක් ලබාගැනීම සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ඉල්ලා ආපසු නොහැරෙන විරෝධතාවක් ආරම්භ කරන බවත් හෙතෙම කීය.

මේ වන විට දරුවන් ලක්ෂ 02 ක් පාසල් නොයන බවත් උසස් පෙළ හදාරන සිසුන් සතියට දින තුනක් පාසල් නොයන තත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *