ජනතාවට ජීවත් වීමේ අයිතිය දුන්න අපේ අයිතිය අද නැති කරන්න හදනවා..! – මහින්ද…

November 21, 2023 at 6:20 pm | by emanisa.lk

ආර්ථිකය අර්බුදය සම්බන්ධයෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

“ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුණා. හැම චෝදනාවක් ම අපි ප්‍රතික්ෂේප කරනවා.

දැන් එක එක අයගේ අයිතීන් නැති කරන්න කතා කරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍ය ද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි.

කාගේ හරි අයිතියක් නැති කරන්න කතා කරන අය, අඩු ම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කර ගන්න වැඩ කරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා.

ඒ නිසා නැති කරන්න කතා කරන අයට අයිතියක් රැක දෙන්න අමාරු බව දැන්වත් වටහා ගන්න කියලයි ඉල්ලන්නේ.”

ඔහු මේ බව සඳහන් කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස