ජනතාවගේ පොහොට්ටුව කිසිවෙකුට වට්ටන්න බෑ…! – ප්‍රසන්න රණතුංග….

July 25, 2023 at 1:34 pm | by emanisa.lk

පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් සමග ම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අලුතින් පක්ෂයට පැමිණි අය පක්ෂය දමා යද්දී පොහොට්ටුව රැක ගන්න ඉතුරු වුණේ පරණ අය පමණක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

එසේ ම පොහොට්ටුව යනු ජනතාවගේ පක්ෂයක් බවත් එම පක්ෂය වට්ටවන්න කිසිවෙකුට නොහැකි බවත් ඔහු අවධාරණය කෙළ්ය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පේ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *