ජනතාවගේ එක ම බලාපොරොත්තුව ජනාධිපතිතුමායි…!

November 11, 2022 at 7:46 pm | by emanisa.lk

ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පසුගියදා පැවැති පෝෂණ වැඩසටහනකට එක් වෙමින් සාගල රත්නායක මේ බව පැවසීය.

රටේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග පීඩිත පංතිය වැඩි වීමට පටන්ගත් නිසා දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීමට රජය මෙවන් වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ජනපතිගේ මගපෙන්වීමෙන් ආරම්භ කළ ආහාර සුරක්ෂිතා සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන මහඟු ශක්තියක් බව කී සාගල රත්නායක, පෞද්ගලික මට්ටමින් පෝෂණ වැඩසටහන් සංවිධානය කිරීම ද ඇගයීමට ලක් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *