ඡන්ද පත්‍රිකා දෙන්නේ සල්ලි දුන්නොත් විතරයි..! – රජයේ මුද්‍රණාලයාධිපති…

March 17, 2023 at 6:36 pm | by emanisa.lk

දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා මුදල් ලබාදෙන තුරු බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය.

දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක් පමණ වේ. එහෙත් ඒ මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ මුදලක් පමණක් බව ද ගංගානී කල්පනා ලියනගේ වැඩිදුරටත් පැවසුවාය.

යම් කිසි හේතුවකින් ඒ මැතිවරණය අවලංගු කෙරුණහොත් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ල සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු ඡන්ද පත්‍රිකා මුද්‍රණයද මුදල් ලබා දෙනතුරු ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ(16) දැනුම් දුන්නාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *