ඡන්දේ තිබ්බොත් අපි දිනනවා..! විපක්ෂෙ⁣ට වෙන දේ එයාලා දන්නවා..!

March 8, 2023 at 11:38 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ජයග්‍රහණය කරන අතර මේ වන විටත් පක්ෂයක් ලෙස ජන්දයට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසයි.

මැතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් උපදෙස් ලැබුණු බවත් බිම් මට්ටමේ සිට වැඩ කර ඇති හෙයින් වේදිකාවල කරණම් ගැසීමේ අවශ්‍යතාවක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සූදානම් බව කීමට සිදුව ඇත්තේ විි පක්ෂයේ ඇතැමුන් මැතිවරණයක් ඉල්ලුවද ඔවුන්ට අත්වන ඉරණම කුමක්ද යන්න ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නා බැවින් යයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *