චීන වැඩබිම්වල කැමා ඇඳුමින් වැඩ කිරීම ප්‍රශ්නයක් නෙමෙයි….! – කෙහෙළිය..

June 29, 2021 at 3:15 pm | by emanisa.lk

තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කරන චීන ආයතනයේ සේවකයින් හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් හැඳ සිටීම කිසිදු ගැටලුවක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ පිළිබඳ හමුදාව මෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විධිමත් පරීක්ෂණයක් පැවැත් වූ බව ද ඔහු අනාවරණය කරයි.

විවිධ ආයතන තමන්ගේ නිල ඇඳුම් නිර්මාණය කරගන්නා බවත් කැමා ඇඳුමට සමාන ඇඳුම් සිය ගණනක් ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කරයි.

ආයතනයක නිල ඇඳුම ලියාපදිංචි කළ පසු එය හැඳ සිටීම ගැටලුවක් නැතැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *