ගෝල්ෆේස් භූමියට සිදු කළ විනාශයේ වන්දිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා..! – නාගරික සංවර්ධන ඇමැති..

August 18, 2022 at 11:22 am | by emanisa.lk

ගාලු මුවදොර භූමියට සිදුව ඇති පාඩුව එහි රැඳී සිටි අරගලකරුවන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ගාලු මුවදොර අයිතිවාසිකම් වෙනුවෙන් පිරිසක් නඩු මගට පිවිස ඇති බවත් ඊට සිදුව ඇති පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීම අරමුණ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

නාගරික සංවර්ධන අමාත්‍යංශය සතු මෙම ඉඩමේ රැඳී සිටි අරගලකරුවන් ඉවත් කළේ නීත්‍යානුකූලව බවත් යළි කිසිවෙකුට එය අත්පත් කර ගැනීමට ඉඩ නොලැබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

එලෙස හානි පියවා නොගතහොත් අමාත්‍යංශ නිලධාරීන්ට පසුකාලීනව ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි පෙන්වා දුන් අමාත්‍ය රණතුංග, ඒ සඳහා ඉඩ නොතබා අදාළ හානි තක්සේරු කර වන්දි අයකර ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් ඇති බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *