ගෝඨා නියම වෙලාවේ තීන්දු ගත්තේ නෑ…! ගෙදර යන්න වුණේ ඒකයි…! මං ජනාධිපති වුණා ම කරල පෙන්වන්නම්…!

August 5, 2022 at 12:48 pm | by emanisa.lk

අසීරු අවස්ථාවේ බොහෝ දෙනා පැන යන විට වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය පක්ෂයේ සහය ලබා දෙන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට මුහුණ පෑ ගැටලුවලට විසඳුම් ලබා දීමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය.කෙසේ වුව ද ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම ආරක්ෂා කළ ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත වනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

සිය පෞද්ගලික නිවසට පහර දුන් අවස්ථාවේ ද ජනාධිපති කාර්යලය ඉදිරියේ දින 100ක් ගත කරන අවස්ථාවේ ද අවසානයේ ජනපති මැදුරට පහර දුන් අවස්ථාවේ ද හිටපු ජනාධිපතිවරයා තීන්දුවක් නොගත් බවත් ඔහු පෙන්වා දෙයි.

තමා ජනාධිපති ඇඳම් නොමසන බවත් දෛවය කැපවීම සහ අධිෂ්ඨානය ඇත්නම් කළ නොහැකි දෙයක් නොමැති බවත් ජනාධිපති ධූරයට තමා පත් වුවහොත් රට කරලා පෙන්වන බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *