ගෝඨාගෝගම ඉඩම කැසිනෝ ශාලාවකට…!

February 20, 2024 at 3:18 pm | by emanisa.lk

රට පුරා බොහෝ ප්‍රදේශවල අලුතින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

පසුගිය අරගල සමයේ ගෝඨාගෝගම ලෙස නම් කරන ලද අරගල භූමිය ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිතව ඇති බවයි, මන්ත්‍රීවරයා අනාවරණය කළේ.

මෙරට මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද එම ස්ථානය කැසිනෝ ශාලාවකට ලබා දීම ඉතාම සාහසික ක්‍රියාවක් බවට විජිත හේරත් චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *