ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට අදියර තුනකින් විසඳුම්…!

October 11, 2021 at 11:53 pm | by emanisa.lk

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර තුනකින් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ(11) තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (11) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ

ඒ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව යෝජනාව ලබන දොළොස් වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛන යට ඇතුළත් කිරීමට ද එහි දී තීරණය කර තිබේ.

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර 4කින් සිදු කිරීමට රජය මීට පෙර තීරණය කර තිබූ අතර, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඊට විරෝධය පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *