ගිනිගත් නැවේ ගබඩාවල තෙල් නෑ…! තෙල් කාන්දුවක් පිළිබඳ බිය විය යුතු නෑ….! – නැව් සමාගම දන්වයි…

June 15, 2021 at 10:34 pm | by emanisa.lk

අනතුරට පත් නෞකාවේ දැනට සිදුකර ඇති නිරීක්ෂණ අනුව එහි ගබඩාවල ඉන්ධන නොමැති බව තහවුරු වී තිබේ.

මෙම නැව අනතුරට ලක්වන විට එහි ඉන්ධන මෙට්‍රික් ටොන් 300ක් ගබඩා කර තිබූ බව හෙළි විය.

කෙසේ වුවද නැව හිමි එක්ස්ප්‍රස් පීඩර් සමාගම විසින් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ මේ වන විට නැවෙහි තෙල් නොමැති බව ය.

ඒ අනුව ගිලෙමින් පවතින නැවෙහි තෙල් කාන්දු වීමෙන් සිදුවිය හැකිව තිබූ පරිසර හානිය පිළිබඳ බිය විය යුතු නැතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. එම තෙල් මුහුදු ජලයට එකතු නොවී ගින්නෙන් දැවී යන්නට ඇතැයි සැලකෙන අතර එලෙස දැවී යාම නිසා විශාල පරිසර හානියක් වැළකිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *