ගාස්තු වැඩි වුණා කියලා විදුලි පරිභෝජනයේ අඩුවක් නෑ..! – කාංචන…

April 6, 2023 at 5:12 pm | by emanisa.lk

විදුලි ගාස්තු ඉහළ නැංවීම සමග විදුලි පරිභෝජනය අඩු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

විදුලි බල මණ්ඩල පාලක පද්ධති දත්ත අනුව මාර්තු මස සාමාන්‍ය විදුලි පරිභෝජනය ගිගා වොට් පැය 44.22ක් බවයි, ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට විදුලි ගාස්තු නැංවීම සමග විදුලි පරිභෝජනය 10%කින් පහත වැටී ඇත්නම් එය ගිගා වොට් පැය 40.5ක් බව ඇමැති කාංචන විජේසේකර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *