ගර්භාෂය ඉවත් කරන්න රෝහල්ගත වූ කතකගේ අතක් ඉවත් කරලා!

August 7, 2019 at 10:14 pm | by emanisa.lk

ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයේ විශේෂඥ කණ්ඩායමක් එම රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වයස අවුරුදු 78 ක කාන්තාවක් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇතිවූ අවධානමක් හේතුවෙන් ඇගේ එක් අතක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස