ගමේ මරණාධාර සමිතිය මේ ආණ්ඩුවට වඩා වගකීමෙන් වැඩ කරනවා….! – රුවන් …

June 1, 2021 at 4:04 pm | by emanisa.lk

ගමේ මරණාධාර සමිතිය පවා විපතක දී වත්මන් ආණ්ඩුවට වඩා වගකීම් සහගත අයුරින් ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

ආණ්ඩුව දැන්වත් දේශපාලන උද්දච්චකමින් මිදී සෞඛ්‍ය උපදෙස් සහ පළපුරුදු විශේෂඥයින්ගේ උපදෙස් අනුව තීරණ ගතයුතු බව ද ඔහු අවධාරණය කරයි.

“වෛරසවෙිදය පිළිබඳ හොඳ ම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙිත් සිටිනවා. ඒ මහාචාර්ය තිස්ස විතාරණ මහතායි. නමුත් ආණ්ඩුව එම විශේෂඥයන්ගේ උපදෙස් කනකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ.

ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම නිසයි. වසංගතයක් යනු දේශපාලන තීරණ ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් නොවේ.

වසංගතයක් මැඩලීමට නම් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් බව බාලාංශයේ දරුවෙක්ට වුණත් තේරෙන කාරණයක්. ආණ්ඩුව දැන් බල්ලගේ වැඩේ බූරුවා කරන්නා වගේ කොරෝනා මර්දනයටත් දේශපාලනය ඈඳාගෙන තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස