ගමේ කඩේ ගිනි ගණන් එළවළු දඹුල්ලේ ලාභයි..!

December 16, 2023 at 3:49 pm | by emanisa.lk

දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මේ දිනවල මධ්‍යස්ථ මට්ටමක පවතින බව වාර්තා වේ.

ඒ රට පුරා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය පසුබිමකය.

ඉල්ලුම සැපයුම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවි වුව ද එළවළු මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම කනගාටුවට හේතුවත් බව ද එහි වෙළෙන්දෝ පවසති.

සිල්ලර වෙළෙන්දන්ගේ අලෙවිය පිළිබඳ තොග ව්‍යාපාරිකයන්ට වගකීමක් දැරීමට නොහැකි වීම ඊට හේතුව බව ඔවුහු අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *