ගජේන්ද්‍රකුමාර්-පොලිස් ගැටුමේ සුලමුල එළියට…! ගජේන්ද්‍රකුමාර් පොලිසියට කට්ටි පනී…! විදෙස් ගමනුත් තහනම්…!

June 6, 2023 at 5:02 pm | by emanisa.lk

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනම් කිරීමට අද (06) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිලිනොච්චිය, මරදන්කේනි පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මෙම තහනම් නියෝගය පනවා ඇත.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති විභාග මධ්‍යස්ථනයක් වෙත ගොස් එම විදුහල් භූමියේ දේශපාලන රැස්වීමක් පැවැත්වූ අවස්ථාවකදී පොලිසිය ඊට විරෝධය දැක්වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සහ පොලිසිය අතර නොසන්සුන්තාවක් හට ගෙන තිබිණි.

ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණු මරදන්කේනි පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. පසුව ඔවුන් දෙදෙනාව ජුනි මස 7 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට මරදන්කේනි පොලිසියට පමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී ම දැනුම් දී ඇතත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු යාමට ඇති බව කියමින් පොලිසිය මග හැර ඇත.

ඒ අනුව, පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස මන්ත්‍රීවරයාට විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් පනවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *