ඛනිජ වෙනුවට ඛනිජ නිෂ්පාදන අපනයනයට වැඩපිළිවෙළක් ඕන!

March 20, 2019 at 9:49 am | by admin

ග‍්‍රැෆයිට්වලට අගය එකතු කර අපනයනය කිරීමෙන් ශ‍්‍රී ලංකාවට එමගින් විශාල ආදායමක් උපයා ගත හැකි බව මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ප‍්‍ර‍්‍රකාශ කළේය.

ලොව හොඳම ග‍්‍රැෆයිට් තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ බවත් ඒවාට අගය එකතු කරන ආයෝජකයින් මෙරටට ගෙන්වා ඒවා අපනයනය කිරීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අපේ රටේ ඛනිජ ද්‍රව්‍ය අපනයනය නොකර ඒවාට නැනෝ තාක්ෂණය හරහා අගය එකතු කර අපනයනය කිරීමට කටයුතු කළ යුතු බවත් මන්ත‍්‍රීවරයා කීය.

මීට වසර අටකට පෙර නැනෝ තාක්ෂණය අපේ රටේ ආරම්භ කළ බවත් එය සාර්ථකව අද ඉදිරියට පැමිණ ඇති නිසාත් මෙම ක‍්‍රියාවලිය සිදු කිරීමට හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහෙත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.21 ක් වැනි මුදලක් විද්‍යා හා තාක්ෂණ විෂයයට වෙන් කර එම ප‍්‍රතිලාභ ලබා ගන්නේ කෙසේ දැයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස