ඛනිජ තෙල් වෘත්තීය සමිති ලොක්කන්ට සුපිරි වාහන සමග අසීමිත ඉන්ධන කෝටාවක්…!

March 30, 2023 at 12:44 pm | by emanisa.lk

ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නායකයන්ට එම ආයතනයෙන් නිල වාහන හතරක් වෙන්කර තිබූ බව ද හෙතෙම කීය.

එම වාහන පසුගිය මස ලබා ගැනීමට කටයුතු කළ අතරම ඔවුන්ට අසීමිත ඉන්ධන කෝටාවක් වෙන්කර තිබූ බවත් ඇතැම් විට ඔවුන්ට ඒවා ප්‍රශ්න විය හැකි බව ද අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *