කෞතුකාගාරේ හැදුවේ ආතර් සී. ක්ලාක් – දයාසිරි…! කෞතුකාගාරේ හදන කාලේ ක්ලාක් ලංකාවෙත් නෑ – සුසිල්…!

October 5, 2022 at 4:34 pm | by emanisa.lk

කෞතුකාගාරය පිහිටි ඉඩම කොළඹ විශ්වවිද්‍යාලය සතු බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මේ වන විට එම භූමිය ග්‍රහලෝකාගාරයට පවරා ගැනීමට උත්සාහ කරන බවත් එය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හිටපු ඇමැතිවරයා අවධාරණය කරයි.

කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් තමා ශිෂ්‍යයෙකු ලෙස ද සටන් කළ බවත් එම කෞතුකාගාරය ඉදිකළේ ආතර් සී. ක්ලාක් බව ද ඔහු පෙන්වා දෙයි. තමා මේ පිළිබඳ කතා කරන්නේ ගැඹුරු හැදෑරීමකින් අනතුරුව බව ද දයාසිරි ජයසේකර සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සඳහන් කරන්නේ ග්‍රහලෝකය 1964 වසරේ පැවැති කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ඉදි කළේ ආචාර්ය ඒ.එන්.එස්. කුලතිකල බවත් ආතර් සී. ක්ලාක්ට මෙරට සම්මානිත පුරවැසිභාවය හිමි වූයේ ද ඊට පසු බවත්ය.

මේ වන විට කොළඹ විශ්වවිද්‍යාල පැරණි පුස්තකාලය ඉවත් කර ඇති අතර එම භූමියෙන් පර්චස් 40ක් ග්‍රහලෝකාගාරයට ඉල්ලා සිටින්නේ එය නවීන තාක්ෂණය අනුව පුළුල් කිරීමට බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *