කොළඹ බෝම්බ ප්‍රහාර අවධානමක…! තුණ්ඩු කැබැල්ලෙන් සුලමුල එළියට…!

October 5, 2023 at 11:10 am | by emanisa.lk

කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉලක්කගත ස්ථාන කිහිපයක් මුල්කරගෙන ඉදිරි දින කිහිපය තුළදී බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබේ.

අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි රැඳවියකු විසින් බස් රථයේ කවුළුවකින් පිටතට විසිකළ තුණ්ඩු කැබැල්ලක් මගින් එම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මූලික තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම විධිමත් වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (04) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *