කොළඹ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට පුද්ගලයෙක් සිරුරට ගිනි තබා ගනී….!

September 8, 2021 at 6:48 pm | by emanisa.lk

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල දී ඊයේ (07) සවස පුද්ගලයකු සිය සිරුරට ගිනි තබා ගෙන ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත. මෙලෙස ගිනි තබාගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට කටයුතු කරන බවත් රෝහල්ගත කළ එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් කුඳුරුවත්ත පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම පුද්ගලයා කුමන හේතුවකට සිය ශරීරයට ගිනි තබා ගත්තේ දැයි මෙතෙක් හෙළිව නොමැති අතර ඔහු මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු විය හැකි යැයි පොලිසිය සැක පහළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

-දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *