කොවිඩ් වසංගතයට ගොදුරු වූ කිතුනුවන්ටත් භූමදාන අයිතිය හිමිවෙයි…! කිතුනුවකුගේ දේහයක් භූමදානය කරයි…!

March 15, 2021 at 8:22 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතව මියගිය කිතුනු ආගමිකයකුගේ මෘතදේහයක් ද මඩකලපුව ඔට්ටමාවඩිහි භූමදානය කර තිබේ.

ඒ අදාළ පුද්ගලයාගේ ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ය.

මේ දක්වා මෘතදේහ 45ක් මෙම ස්ථානයේ භූමදානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කරයි.

මේ අතර කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා තෝරාගත් මඩකලපුව ඔට්ටමාවඩිහි මෘතදේහ භූමදානය කිරීමේ කටයුතු නිරීක්ෂණයට හා එහි නිලධාරීන් සමග පැවැති හමුවකට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *