කොවිඩ් මරණ සහ ආසාදිතයින් බහුතරය එන්නත ගෙන නෑ…! ලද පළමු අවස්ථාවේ ම එන්නත ලබා ගන්න….! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

July 25, 2021 at 2:20 pm | by emanisa.lk

පසුගිය සති තුනෙහි කොවිඩ් ආසාදිත මරණ සහ ආසාදිතයින් බහුල ලෙස වාර්තා වී ඇත්තේ තවමත් එන්නත ලබා නොගත් කණ්ඩායම් අතරින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.

අවුරුදු 60ට වැඩි සියලු වැඩිහිටියන් එන්නත් වර්ගය පිළිබඳ නොසිතා ලැබෙන එන්නතක් ලබා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියි.

තෙවැනි කොවිඩ් රැල්ල තවමත් නිමා වී නොමැති බවත් පසුගිය දිනවල රෝගීන්ගේ වර්ධනයක් දැකගත හැකි බවත් ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 68 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *