එන්නත් මාත්‍රා දෙක ම ගත් කුරුණෑගල පිරිසකට කොවිඩ්…! වැඩි ම ආසාදිතයෝ එන්නත විද්ද නගර සභා සේවකයෝ…!

June 20, 2021 at 11:56 am | by emanisa.lk

කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ⁣ඊයේ (18) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්දන එන්නත ලබා ගත් පුද්ගලයන් කිහිප දෙනකු ම සිටින බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින් හට ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබීමය.

⁣ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් පිරි⁣සෙන් බහුතරයක් ම ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින්ය.

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මෙම කම්කරු සේවකයින් ඇතුළු කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේ වන විට ලබාදී ඇති බවද වාර්තා වී ඇත.

ආසාදිතයින් අතරේ එම එන්නත ලබා ගත් කොපමණ පිරිසක් සිටිනවා දැයි සොයා බලමින් සිටින බව ද කුරුණෑගල සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරි⁣යෙක් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස