කොවිඩ් පාලනයට උපදෙස් දෙන්න රනිල් ජනපති හමුවෙයි…!

August 17, 2021 at 11:31 am | by emanisa.lk

රටේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වේ.

රටේ ඇතිවී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින්, මහජන ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙමින් තිබෙන මේ මෙහොතේ එය වළක්වා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට ගතයුතු කඩිනම්, විධිමත් පියවර සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම, රටේ ආර්ථිකය කඩා නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය මෙහිදී රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස