කොවිඩ් පාලනය කරන අතර රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වා ගෙන යා යුතුයි….! – රනිල්….

May 30, 2021 at 9:27 pm | by emanisa.lk

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලික වී ඉතා⁣ ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් යෝජනා ද ගත යුතු බව කී රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ සියලු පක්ෂ ඊට යෝජනා ලබාදී වසංගතයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා උදව් කළ යුතුව ඇතැයි ද සඳහන් කරයි.

වෛද්‍ය ක්ෂේත්‍රය,ව්‍යාපාරිකයන්, විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කොට මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය යුතු බවත් වසංගත පාලනයට අවශ්‍ය නීති ද මේ යටතේ සම්මත කරගත හැකි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා මාතාව බේරා ගැනීමට හැකියාව ඇත්තේ සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කළහොත් පමණක් බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස