කොවිඩ් පරදන්න සර්වපාක්ෂික නායක හමුවක් කැඳවන්න…! – රනිල්…

August 15, 2021 at 9:11 pm | by emanisa.lk

ලංකාවේ කොවිඩ් මරණ තිස් දහසක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය අනතුරු හඟවා තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එවැනි පසුබිමක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් සහ අගමැති, කතානායක ප්‍රමුඛ සෞඛ්‍ය ඇමතිවරුන් වහාම කැඳවා ව්‍යසනයෙන් මිදීමේ මඟක් සාකච්ඡා කරන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

නිසි සීමා පැනවුවහොත් මරණ ගණන දොළොස් දහස දක්වා අඩු කර ගත හැකි බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ජීවිත දහ අට දහසක් බේරා ගැනීම වෙනුවෙන් රජය වහාම තීන්දු තීරණ ගත යුතු බවද සඳහන් කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ස්වාධීන විශේෂඥයන්ගේ කණ්ඩායමේ පස්වන රැස්වීමේ දී මෙම සංඛ්‍යා දත්ත හෙළිදරව් කර තිබෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස